Friday, May 3, 2024

නිෂ්පාදන ආර්ථිකයකට යාමට රජයෙන් සැලසුම්

Date:

Share post:

යැපුම් ආනයන ආර්ථිකයකින් මිදී නිෂ්පාදන ආර්ථිකයක් කරා යෑම පිළිබඳව වන සාකච්ඡාවක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්විණි.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙරටට ආනයනය සඳහා විශාල මුදලක් වැයවන අල, ලූණු සහ මිරිස් යන ⁣භෝග ඒ ඒ දිස්ත්‍රික් මට්ටමින් වගා කිරීම පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමුව තිබේ.

ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහාය සහ රජය මඟින් සහනාධාර ලබාදීම පිළිබඳව සාකච්ඡාවට ලකිවිණි.

සෞභාග්‍යයා කෘෂි ගම්මාන, තරුණ ගොවි සමාජ, සෞභාග්‍යයා ගෙවතු වැඩසටහන් පිලිබදව මෙහිදී අවධානය යොමු වූ බව සදහන්.

එමෙන්ම, කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන්, අතරමැදි කන්නයේ මුං ඇට වගාව සහ දේශීය අල වර්ග ව්‍යාප්ත කිරීම යන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක්විණි.

මීට අමරව මිරිස් ⁣⁣භෝගයට වැළඳෙන කොල කොඩවීමේ රෝගය නිවාරණය සහ සත්ත්ව හානි අවම කරගැනීම පිළිබඳව අවධානය යොමු වී ඇති අතර ඒ සඳහා නවීන තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳ සාකච්ඡා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here
Captcha verification failed!
CAPTCHA user score failed. Please contact us!
spot_img

Related articles

කුණ්ඩසාල කෘෂිකර්ම විදයාලයෙන් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්…

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කොට වසර 75ක් සැපිරීම වෙනුවෙන් කෘෂි තාක්ෂණික අධ්‍යාපනික හා සංවර්ධන වැඩසටහන් රැසක්...

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව...

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download