Friday, May 3, 2024

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

Date:

Share post:

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කොන්ත්‍රාත්තු ලංසුකරුවන් 46ක් වෙත පොහොර  ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීමට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ මෙවර යල කන්නයේ වී වගාව සඳහා කුඹුරු හෙක්ටයාර ලක්‍ෂ 6ක් ඇස්තමේන්තුගත කර ඇති බවය.

ඒ සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීමට ඉකුත් ජනවාරි මාසයේදී කැබිනට් අනුමැතිය ලැබී තිබිණි.

ඒ අනුව දේශීය තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව ලංසු කැදවනු ලැබිණි.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා ඒ අතරින්  ලංසුකරුවන් 46ක් හඳුනාගෙන ඇත.

ඔවුන් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇති බව අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here
Captcha verification failed!
CAPTCHA user score failed. Please contact us!
spot_img

Related articles

කුණ්ඩසාල කෘෂිකර්ම විදයාලයෙන් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්…

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කොට වසර 75ක් සැපිරීම වෙනුවෙන් කෘෂි තාක්ෂණික අධ්‍යාපනික හා සංවර්ධන වැඩසටහන් රැසක්...

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව...

Agtech – 21

Agtech-21Download

ස්වභාවිකව හානි සිදුවන බෝග 06 කට රජයෙන් වන්දි

ස්වභාවිකව හානි සිදුවන හා වන සතුන්ගෙන් හානි සිදුවන බෝග වර්ග හයක් සදහා වන්දි ලබාදීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. ඒ...