Friday, May 3, 2024

කුණ්ඩසාල කෘෂිකර්ම විදයාලයෙන් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්…

Date:

Share post:

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කොට වසර 75ක් සැපිරීම වෙනුවෙන් කෘෂි තාක්ෂණික අධ්‍යාපනික හා සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. මෙම සැමරුම සදහා කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග කුණඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ සංගමය සංවිධාන ශක්තිය සපයයි. 75 සැමරුමට සමගාමීව සිදුවන එක් වැඩසටහනකි, මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම විෂය උගන්වනු ලබන පාසල් වල උසස් පෙළ පෙළ සිසු කණ්ඩායම් අතර පැවැත්වෙන අන්තර් පාඨශාලීය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන. මෙහි මූලික තරග තෝරාගත් පාසල් 16 සහභාගිත්වයෙන් 2023 ජූලි 12, 13 දෙදින කුණ්ඩසාලේ ශ්‍රී ලංකා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. ඒ සඳහා තරඟ වැදුණු පාසල් වූයේ මහනුවර ධර්මරාජ විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, උසස් බාලිකා විද්‍යාලය, මහමායා බාලිකා විද්‍යාලය, ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය ,කිරිබත්කුඹුර ස්වර්ණජෝති විද්‍යාලය, ගලගෙදර මධ්‍ය විද්‍යාලය, හේවාහැට මධ්‍ය විද්‍යාලය, වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය, අලවතුගොඩ මහා විද්‍යාලය ,ගම්පළ වික්‍රමබාහු මහා විද්‍යාලය,තෙල්දෙණිය ජාතික පාසල,දෙනුවර ඩී.බී.විජේතුංග ජාතික පාසල,යහපත් ඒඩේරාගේ කන්‍යාරාමය යන පාසල් සහභාගි විය. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා පූර්ව මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ “ලංකෙම් ලංකා පොදු සමාගමයි” මින් ජය ලැබූ කණ්ඩායම් 8 අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත්වූ අතර තරඟයෙන් ඉවත් වන කණ්ඩායම් සාමාජිකයින් වෙත මුදල් ත්‍යාගය, සහතිකපත්, සමරු තිළිණ සහ රසායනික පොහොර පැකට් පිරිනැමීණි. ඒමෙන්ම, එම පාසල් වෙත පලිබෝධනාශක භාවිතයේදී යොදා ගන්නා ආරක්ෂිත ඇඳුම් කට්ටල ද ඉගෙනුම් ආධාරක ලෙස රසායනික ද්‍රව්‍ය පිළිබඳ ආදර්ශන (Dummy) ද ප්‍රදානය කෙරිණි. තරගාවලිය ආරම්භයට පෙර ජූලි 12 දින පැවති කෙටි සමාරම්භක උත්සවය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්තා හා පුහුණ වධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන්, කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු නිලධාරීන්, පාසල් නියෝජනය කරමින් ගුරු මහත්ම මහත්මීන් ඇතුළු සිසු දරු දැරියන් රැසක් සහභාගි විය. මෙම තරඟාවලියේ පටිගත කිරීම් ඇතුළු මාධ්‍ය කටයුතු සිදු කරන ලද්දේ ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ගුවන්විදුලි ගොවි සේවාවේ හා වීඩියෝ අංශයේ දායකත්වයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here
Captcha verification failed!
CAPTCHA user score failed. Please contact us!
spot_img

Related articles

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව...

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download

ස්වභාවිකව හානි සිදුවන බෝග 06 කට රජයෙන් වන්දි

ස්වභාවිකව හානි සිදුවන හා වන සතුන්ගෙන් හානි සිදුවන බෝග වර්ග හයක් සදහා වන්දි ලබාදීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. ඒ...