Friday, May 3, 2024

ස්වභාවිකව හානි සිදුවන බෝග 06 කට රජයෙන් වන්දි

Date:

Share post:

ස්වභාවිකව හානි සිදුවන හා වන සතුන්ගෙන් හානි සිදුවන බෝග වර්ග හයක් සදහා වන්දි ලබාදීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ.

ඒ අනුව වී ,බඩ ඉරිගු,සෝයා,අමුමරිස්,ලොකුලූණු,අර්තාපල් යන බෝගවලට ස්වභාවිකව සිදුවන හානි සහ වන සතුන්ගෙන් සිදුවන හානි සදහා මෙලෙස වන්දි ලබාදීමට නියමිතය.

මෙහිදී වී වගාව සදහා උපරිම වශයෙන් අක්කර පහකට හා අනෙක් බෝග වර්ග සදහා අක්කර දෙක හමාරක් සදහා වන්දි ගෙවන බව රජය පවසයි.

ඒ අනුව 2020/21 මහ කන්නයේ නැගෙනහිර පළාත් ගොවීන් වෙනුවෙන් වන්දි ගෙවිම පසුගියදා සිදු කෙරිනි.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

කිසිදු රක්ෂණ වාරිකයක් අය කිරීමකින් තොරව මෙම වන්දි ගෙවීම මෙහි විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here
Captcha verification failed!
CAPTCHA user score failed. Please contact us!
spot_img

Related articles

කුණ්ඩසාල කෘෂිකර්ම විදයාලයෙන් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්…

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කොට වසර 75ක් සැපිරීම වෙනුවෙන් කෘෂි තාක්ෂණික අධ්‍යාපනික හා සංවර්ධන වැඩසටහන් රැසක්...

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව...

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download