මුලු දිවයිනම ආවරණය වන පරිදි පසේ රසායනික මට්ටම් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබේ.
ඒ යටතේ දිවයිනේ සියළුම ගොවිජන සේවා වසම් ආවරණය වන පරිදි පාංශූ පරීක්ෂණ කට්ටල ලබා දී අවසන් බව අමාත්‍යංශය සදහන් කළේය.
මෙලෙස පසේ රසායනික මට්ටම් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයක්.
ප්‍රථම අදියර ලෙස කුඹුරු ඉඩම්වල පාංශු පරීක්ෂාව මේ වන විටත් ආරම්භ කර තිබේ.
එමඟින් මෙතෙක් කාලයක් අවභාවිතාවූ පොහොර පිළිබඳව විශ්ලේෂණය කොට එක් එක් ගොවිබිම් අනුව යෙදිය යුතු පොහොර පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණිමට හැකියාව ලැබෙනු ඇති.
මෙහි දෙවැනි අදියර ලෙස ගොඩ ඉඩම් පාංශු පරීක්ෂාවට ලක්කිරීමට නියමිත අතර පළමු අදියර ඉදිරි මාස දෙක තුළ අවසන් කිරීමට නියමිතව තිබේ.